Enter Your Key Word

අද අපේ පුංචි පැටියා හෙට ලොවේ අනාගතය. පුංචි පැටියා දෝතට ලැබුණු දා පටන්ම හැම අම්මෙක් තාත්තෙක්ම පරිපූර්ණ පුරවැසියෙකු ලෙස දරු පැටියා දැයට දායාද කරන්නට හීන දකින්නේ ඒ නිසයි.

අපේ අනාගත පරපුර මනා පෞරුෂයෙන් හෙබි සාර්ථක ඒ වගේම යහපත් පුරවැසියන්ගෙන් සමන්විත වෙන්න නම් අද දවසේ අපේ පුංචි පැටවුන්ගේ මුල් ළමාවිය සහ එහි සංවර්ධනය නිසි ලෙස සිදු විය යුතුමයි.

පුංචි පැටියෙකුගේ අනාගතය පිළිබඳව දයාබර දෙමාපියන් දකින සිහිනවල කෙළවරක් නැහැ. ඒත් හැම අම්මෙක් තාත්තෙක්ම මේ පුංචි පැටවුන්ගේ මුල් ළමාවිය සහ එහි සංවර්ධනය වෙනුවෙන් කළ යුත්තේ මොනවාද යන්න පිළිබඳ දැනුවත් නැහැ. දේශීය පාරිභෝගික නිෂ්පාදන සමාගම් අතර ප‍්‍රමුඛතම සමාගමක් වන හේමාස් සමාගමේ සුවිශේෂී සමාජ සත්කාර අතරින් එකක් වන බේබි ෂෙරමි ''දරු පැටියාගේ ලෝකය'' අපේ මතු පරපුරේ අද දවස වෙනුවෙන් වෙන් වන්නේ ඒ නිසයි.

සැමවිටම පුංචි පැටවුන්ගේ අනාගතය ගැන සිතන බේබි ෂෙරමි, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ අනුමැතිය සහිතව 2002 වසරේදී අඩු වරප‍්‍රසාද ලත් ළමුන් සඳහා ශ්‍රී ලංකාව පුරා පෙර පාසල් 56 ක් ස්ථාපිත කරමින් තමා සතු වගකීම ඉටු කළා.

2007 වසරේදී ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ හා ළමා ලේකම් කාර්යාලයේත් පුර්ණ සහයෝගය සමග මුල් ළමාවිය සහ සංවර්ධනය වෙනුවෙන් මාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් බේබි ෂෙරමි ''දරු පැටියාගේ ලෝකය'' හරහා ක්‍රියාත්මක කරන්නට පියවර ගත්තේ අනාගත පරපුර පිළිබඳ ඔවුන් සතු වගකීම හොඳින් දන්නා නිසාය.

බේබි ෂෙරමි ''දරු පැටියාගේ ලෝකය'' හරහා පුංචි පැටවුන්ගේ අනාගතය සරුසාර කිරීමට වෙහෙසෙන මව්පියන් දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් අධ්‍යාපන මෙවලම් මෙන්ම දැනුවත් කිරීමේ නාට්‍යයක් සහ දැනුවත් කිරීම් ඇතුළත් පොත් පිංචක් මා පියන් වෙත තිළිණ කළා. එය කාලයත් සමග සමාජ පරිවර්තන සහ එමගින් මවුපියන්ට ඇති බලපෑම විශ්ලේෂණය කරමින් මුල් ළමාවිය සහ සංවර්ධනය විෂයෙහි ප‍්‍රවීණයන් වන ළමා මනෝ විද්‍යාඥයින්, අධ්‍යාපනඥයින්, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්, ප‍්‍රසව හා නාරිවේද විශේෂඥයින් හා ළමා ලේකම් කාර්යාලය සමග එක්ව අධ්‍යාපනික අංග වැඩිදියුණු කරමින් අදට සරිලන පරිදි සකස් කිරීම ද සිදුවූවා. එමගින් දැයේ මතු පරපුර නිසි පෞරුෂයකින් හෙබි පුද්ගලයන් බවට පත් කිරීමට මාපියන් සතුව තිබිය යුතු දැනුවත් බව නොඅඩුව ලබාදීමට සැලකිලිමත් වූවාසේම රූපවාහිනී, ගුවන්විදුලි මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ මව්පියන් දැනුවත් කිරීම උදෙසා අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කළා.

ළමා ලේකම් කාර්යාලය මගින් බේබි ෂෙරමි ''දරු පැටියාගේ ලෝකය'' පිළිබඳව සිය අදහස් දක්වා තිබුණේ පහත පරිදිය. ''බේබි ෂෙරමි ''දරු පැටියාගේ ලෝකය'' ක්‍රියාන්විතය හරහා සමාජයට ඉටුවන මෙහෙවර පිළිබඳ ජාතික මට්ටමේ කේන්ද්‍රීය ආයතනය ලෙස ප‍්‍රතිපත්ති හා වැඩසටහන් සම්පාදනය, ක‍්‍රියාත්මක කිරීම, ඇගයීම හා පසු විපරම් කිරීම තුළින් ශ‍්‍රී ලංකාවේ මුල් ළමාවිය දරුවන්ගේ සමස්ථ සංවර්ධනය සහතික කිරීම, ළමා ලේකම් කාර්යාලයේ මෙහෙවරයි. හේමාස් සමූහ ව්‍යාපාරය විසින් දියත් කරන බේබි ෂෙරමි ''දරු පැටියාගේ ලෝකය'' වැඩසටහන එම මෙහෙවරත් සමග ඉතා හොඳින් සැසඳෙනවා. ඒ වගේම බොහෝ කලක් හේමාස් ආයතනය සමග අඩු වරප‍්‍රසාද ලාභී දරුවනට පෙර පාසල් අධ්‍යාපනය ලබා දෙන සාර්ථක වැඩසටහන් ඉදිරිපත් කර තිබෙනවා. අදවන් වකවානුවක මෙවන් අතිශය කාලෝචිත වැඩසටහනක් ඉදිරිපත් කිරීම පිලිබඳ අපේ ස්තුතිය පුද කර සිටිනවා.''

බේබි ෂෙරමි ''දරු පැටියාගේ ලෝකය'' දැයේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් අද මෙන්ම හෙටත් ඇප කැප වන බව සහතිකය.