Enter Your Key Word

හෙට ලොව දිනන දරුවාට අද සිටම අවබෝධ විය යුත්තේ මොනවාද?

Little One Understand Good Manners

යහපත් ආචාර විධි දරුවෙකුගේ වටිනාකම වැඩි කරනවා. දකින හැම කෙනෙක්ම ඒ ගැන ඇගයීමෙන් කතා කරනවා. ඒ වුණත් ආචාර ධර්ම එක රැයකින් ගොඩ නගන්න බැහැ. ඒවා දරුවාගේ ජීවිතයට බද්ධ වෙලා දරුවා සමග වැඩෙන්න ඉඩ දීම ඉතාම වැදගත්.

යහපත් ආචාර විධි කියන්නේ මොනවා ද?

දරුවා අනාගතයේදී සමාජයේ වගකිව යුතු චරිතයක් බවට පත් වීම සමග ඔවුන් ගැන සමාජය ඇගයීමකින් කතා කිරීම සිදු විය යුත්තක්. එහෙම නැති වූවොත් ඔබේ දරුවා සමාජය විසින් දැඩි සේ අප්‍රසන්න චරිතයක් විදිහට හඳුන්වන්නත් බැරි නැහැ. ඒ නිසා යහපත් ආචාර විධි මගින් දරුවාගේ ජීවිතය සැරසීම අනිවාර්යෙන්ම සිදු විය යුතුයි. ආචාර විධි කියන්නේ නීති රීති නෙවෙයි. නමුත් යහපත් ආචාර විධි මගින් දරුවාට වටිනාකමක් ලැබෙනවා වගේම සමාජයේ විනයක් ඇති වෙනවා.

දරුවාට ආචාර විධි පුරුදු කරන්නේ කොහොම ද?

දරුවාට ආචාර විධි පුරුදු කරන හොඳම පරිසරය නිවසයි. ඒ වුණත් අපේ දෙමව්පියන් පුංචි පැටියා ආහාරයෙන් පෝෂණය කිරීම, එතැනින් පසුව දැනුම ලබා දීමට බොහොම උනන්දුවක් දැක්වුවත් ඒ සමාන උනන්දුවක් ආචාර ධර්ම පුරුදු පුහුණු කිරීමට දක්වන්නේ නැහැ.

දරුවන්ට ආචාර ධර්ම පුරුදු කරන හොඳම ගුරුවරයා දෙමව්පියන්. දරුවා නිතරම ආදර්ශයට ගන්නේ තමන්ගේ අම්මා, තාත්තා. ඒ වගේම වැඩිහිටියන් කීපදෙනෙකුගෙන් හැදුණු පුංචි සමාජයක්. ඉතින් දකින දකින දේ දරුවා අනුකරණය කරන්නේ කියලා දීලා නොවෙයි.

මේ තත්ත්වය නිසා දෙමව්පියන් බොහොම පරිස්සමින් කටයුතු කිරීම ඉතාම වැදගත්. සාමාන්‍ය කතා බහට වුණත් කියන්නේ අම්මා තාත්තාගේ හැදියාවක් නැති නම් ඉතින් දරුවෝ කොහොම හැඩ ගැහෙන්න ද කියල වුණත් ඔබ දරුවාගේ ආචාර විධි ගොඩ නැගීමට වැඩි අවධානයක් දැක්වීම ඉතාම වැදගත්.

  • අවවාදයට වඩා ආදර්ශය

    සාමාන්‍ය කට වචනයට වුණත් කියනවානේ දරුවන්ගේ තියෙන්නේ වඳුරු ගති කියලා. ඒ ඔවුන් අනුකරණයට දක්වන නැඹුරුතාවය නිසයි. මේ වගේ පුංචි පැටව් ඉදිරියේ දෙමව්පියන් වැරදි අන්දමින් හැසිරෙනවා නම් දරුවන් ද ඔවුන් අනුකරණය කිරීම පුදුම වෙන්න හේතුවක් නොවෙයි.

  • දරුවන්ටත් පැහැදිලිව කියා දෙන්න

    ආචාර විධි දරුවන් ඉබේම ප්‍රගුණ කරන්නේ නැහැ. ඒ ගැන දෙමව්පියන් ඔවුන්ගේ හදවතටම දැනෙන්න කියා දීම වැදගත්. නිවසට අමුත්තෙක් පැමිණීමේ පටන්, ආගන්තුක තැනකට ගිය විට, පන්සල, පල්ලිය, කෝවිල යන සෑම තැනකදීම පවතින පරිසරයට අනුව අනුගමනය කළ යුතු ආචාර විධි කියා දීම වැදගත්. පුංචි සන්දියේ අමුත්තෙක් නිවසට පැමිණි විට “වාඩිවෙන්න” කීමට කියා දීමත්, ඒ වගේම ආගන්තුක තැනකට ගිය විට එම නිවසේ බඩු බාහිරාදිය ඇදීම හෝ ඔබ මොබ දුව පැනීම සහ නිවසේ බඩු බාහිරාදිය ඇල්ලීම වැනි දඟකාරකම් එතරම් ගැලපෙන්නේ නැති බවත් බොහොම කාරුණිකව පහදා දෙන්න.

  • ආහාර ගන්නා පිළිවෙළ කියා දෙන්න

    පුංචි අයට ආහාර ගැනීමේ ආචාර විධි කියා නුදුන්නොත් එයින් බොහෝ දෙනෙක් අපහසුතාවයට පත් වෙනවා.

    පුංචි වුණත් සමහර දරුවන් තමන්ගේ කටේ තිබෙන දෙය තැනක් නොතැනක් නොබලා බිමට දාන්න, බත් අහුරු පිටින් ගෙන විසි කරන්න, ඉඳුල් අතින් වීදුරු අල්ලන්න, තලු ගසමින් ආහාර විකන්න වගේ අශෝභන කටයුතු කිරීම නිසා දෙමව්පියන් විදිහට ඔබ වඩාත් අසරණ විය හැකියි. ඒ නිසා දරුවා බත් කන වේලාවට ඊට අදාව අනුගමනය කළ හැකි චාරිත්‍ර වාරිත්‍ර පහදා දෙන්න.

    දරුවාට යම් දැනුම් තේරුමක් ඇති වූ විට බත් කන අන්දම ඔවුන්ට කියා දෙන්න. ආහාර ගන්නා විට අනුගමනය කරන හොඳ පුරුදු කියා දෙන්න. එසේ නොමැතිව හැමදාම ඔබ දරුවාට බත් කැවීම පුරුද්දක් කර ගෙන සිටියොත් ආහාර ගන්නා විට ඊට සම්බන්ධ ආචාර විධි ගැන දරුවා දැනුවත් බවක් ලබන්නේ නැහැ. ඒ නිසා ක්‍රියාවෙන් අවබෝධය ලබා දීම ඉතාම වැදගත්.

  • පුංචි පුංචි කවි සින්දු

    දරුවන්ට යහපත් ආචාර විධි කියා දීමේදී ඔවුන්ගේ පුංචි මනසට, වයසට ගැලපෙන කවි, සින්දු, කතන්දර ඕනෑ තරම් තියෙනවා. මේ අතර ඉතාම තදින් දරුවාගේ හදවතට අමතන ගීත නිතරම ඇසෙන්න සලස්වන්න. "රකිමි මම පරිසරය - පරිසරය මා රකී," "පාසලෙන් මග දකින - හොඳම දරුවා මමයි" වැනි කවි ගීත කියා දෙන්න.

    ඒ හරහා දරුවන්ගේ යහපත් ආචාර විධි ගොඩ නගා ගැනීම වඩාත් පහසු වන්නේ එයින් දරුවන්ගේ හදවත ආමන්ත්‍රණය කිරීම වඩාත් සාර්ථක අයුරින් සිදු වෙන නිසායි.

    එසේම සාහිත්‍ය වෙතින් දරුවාට ලබා දෙන යහපත් ආචාර විධි ගැන ඔවුන්ගේ පුංචි හිතට අවබෝධයක් ලබා දෙන්න. 'මගේ පුතා ඔය කවියේ, කතාවේ විදිහට හොඳ දරුවෙක් වෙන්න' යන පණිවිඩය හිතේ තැන්පත් වෙන විදිහට දෙමව්පියන් කටයුතු කිරීම ඉතාම වැදගත්.

Your Name

Email

Comment

0 Comments