
නිරෝගී දරුවෙකු යනු කායිකවත් මානසිකවත් නිසි ලෙස පෝෂණය වූ දරුවෙකි. ඒ නිසාම දරුවෙකුගේ කායික වර්ධනය වෙනුවෙන් මව්වරුන් යොමු කරන අවධානයම මානසික වර්ධනය කෙරේත් යොමු කිරීම ඉතාම වැදගත් වේ.
අවුරුදු දෙකේදී දරුවාගේ කායික සංවර්ධනය
- හොඳින් ඇවිදීම කරයි.
- උඩ පැනීමද කළ හැක.
- බෝලයක් විසි කිරීම, ඇල්ලීම, පයින් ගැසීම කරයි.
- මොහොතක් එක් පාදයකින් සිටගෙන සිටී.
- දොරක හැඬලය කරකවයි.
- ආහාර රුචිය වේගයෙන් අඩු වේ.
- මල මුත්‍රා බහිස්‍රාවය පාලනය කරයි.
- උදවු රහිතව භාජනයක් විවෘත කිරීමට, ඇණ මුරිච්චි/නොබ් තද කිරීමට මැණික් කටුව යොදාගනී.
- වැටීමෙන් සතුටක් ලබයි.
- හැන්දෙන් ආහාර ගනී.
- උස් තැන්වලට නගියි.
- සෙරෙප්පු දමා ගනී.
අවුරුදු දෙකේදී දරුවාගේ මානසික සංවර්ධනය
- Building Blocks වලින් කැබලි පහක් යොදාගෙන කුලුනු සාදයි.
- අන් චර්යා අනුකරණය කරයි.
- හුරු පුරුදු පුද්ගලයන් හා ද්‍රව්‍ය හඳුනාගනී.
- ශරීර කොටස් ඇඟිල්ල දිගුකර පෙන්වයි.
- සරල උපදෙස් පිළිපදී.
- හඳුනාගත හැකි රූප අඳියි.
- වාග් මාලාව හා වාක්‍ය තැනීම දියුණු ය.
- වර්ග කිරීම පිළිබඳ දැනුම ඇති වේ. (මල්/කොළ)
- උපදෙස් වටහාගෙන ඒවා අනුගමනය හෝ ප්‍රතික්ෂේප කරයි.
- සමානත්වය/විවිධත්වය පිළිබඳ සංකල්පය වටහා ගනී.
- කතන්දර මතක තබාගෙන කියයි.
- අංක තුන දක්වා ගණන් කරයි.
- ඡායාරූපයෙන් තමා හඳුනාගනී.
අවුරුදු දෙකේදී දරුවාගේ මානසික සංවර්ධනය
දිනකට පැය 10 - 12 ක කාලයක් රාත්‍රියට නිදන අතර හවසට කෙටි නින්දක් ගනී.
බර හා උස
සාමාන්‍යයෙන් බර 2.270kg වන අතර උස 10-12cm වේ.
දරුවෙකුගේ දෙවන වසර තුළ දෙමාපිය දායකත්වය ලබාදිය යුත්තේ කෙසේ ද?
- කුඩා කතන්දර කියා දෙන්න.
- පොතේ ඇති ද්‍රව්‍ය නම් කරන්න.
- සතුන්, ඇඳුම්, ආහාර ආදිය වර්ග කර පෙන්වන්න.
- අත් සෝදන්න.
- නාන විට සෙල්ලම් බඩු භාවිත කරමින් ඒවාට වතුර වත් කිරීමෙන් විනෝද වීමට ඉඩ ලබාදෙන්න.
- තමා විසින් තමා ද තම සිරුර ද ආරක්ෂා කරගත යුතු ආකාරය දරුවාට තේරෙන ආකාරයට කියාදෙන්න.
- සබන් පෙණ සමග සෙල්ලම් කිරීමට අවස්ථාව දෙන්න.
- ඇඳුම් අඳින විට, නාන විට ශරීර කොටස් උගන්වන්න.
- විවිධ හැඩ ඇති සෙල්ලම් බඩු භාවිත කරන්න.
0 Comments