
නිරෝගී දරුවෙකු යනු කායිකවත් මානසිකවත් නිසි ලෙස පෝෂණය වූ දරුවෙකි. ඒ නිසාම දරුවෙකුගේ කායික වර්ධනය වෙනුවෙන් මව්වරුන් යොමු කරන අවධානයම මානසික වර්ධනය කෙරෙහිත් යොමු කිරීම ඉතාම වැදගත් වේ.
අවුරුද්දක් වන පුංචි දරුවෙකුගේ කායික සංවර්ධනය
- සෙල්ලම් කිරීමෙන් හා අත්පොළසන් ගැසීමෙන් විනෝද වේ.
- සියුම් හා දළ චාලක හැකියාවන් වර්ධනය වී ඇත.
දළ චාලක - ශරීරයේ විශාල පේශී උපයෝගී කරගෙන ශරීරය සම්පූර්ණයෙන් චලනය (ඇවිදීම, බඩගෑම, දණගෑම)
සියුම් චාලක - මහපටඟිල්ල හා අනෙක් ඇඟිලි භාවිත කරමින් යමක් ඇහිඳියි.
- හැන්ද කෝප්පය අල්ලාගෙන සිටියි.
- තනිව ආහාර ගැනීමට උත්සහ කරයි.
- උපකාරයක් නොමැතිව ඇවිදියි.
- දබරැගිල්ල දික් කරයි.
- හුණුකූරුවලින් “බලි” රුව අඳියි.
- දළ රවුම් ඇදීමට සමත් ය.
- බොරුවට මවාපාන ආකාරයේ සෙල්ලම් කරයි.
- බිම යමක් ඇහිඳීමට උක්කුටියෙන් වාඩි වේ.
- බිම ඇති සෙල්ලම් බඩු ඉඟටියෙන් නැවී ඇහිඳියි.
- ඇඟිලිවලින් ආහාර ගනී.
- සරල වාක්‍ය ඛණ්ඩ පවසයි.
- මල, මුත්‍රා පිට කිරීම පාලනය අරඹයි.
අවුරුද්දක් වන පුංචි දරුවෙකුගේ මානසික සංවර්ධනය
- යම් යම් මෙවලම් හා සම්බන්ධ ක්‍රියාකාරකම් ඇති බව දැන සිටීම.
උදා: පනාව - හිස පිරීම
දුරකථනය - කතා කිරීම
- Building Blocks අධාරයෙන් කැබලි 2 කින් යුතු කුලුණු සාදයි.
- තම පිංතූර පොත උඩ යට හරවා ඇති විට එය හඳුනාගනී.
- අවධානය ලබාගැනීමට ශබ්ද හා හැඟීම් ඇති කරයි.
- කෙලින් ඉරක්, රවුමක් ඇඳීම අනුකරණය කරයි.
පළමු වසර තුළ ප්රතිශක්තීකරණය
මාස 18 දී අවු. (1 ½ ) ත්‍රිත්ව එන්නත හා පෝලියෝ මුඛ එන්නත ලබාදේ. මින් ගලපටලය, කක්කල් කැස්ස, පිටගැස්ම හා පෝලියෝ රෝග තත්ත්ව වළක්වයි.
නින්ද
සාමාන්‍යයෙන් රාත්‍රියට පැය 10 - 12 නින්දක් ලබාගනී. දිවා කාලයේ උදේ හා හවස කෙටි නින්දවල් 2 ක් ලබාගනී.
- දිනපතා කතන්දර පොත් කියවන්න.
- දරුවාට යම් ද්‍රව්‍යයක් සෙවීමට හෝ ශරීරයේ කොටස් නම් කිරීමට පවසන්න.
- විවිධ හැඩ සහිත පිංතූර, සෙල්ලම් බඩු ලබාදීම.
- අලුත් දෙයක් සෑදීමට හා ගායනයට උනන්දු කරන්න.
- පොදු දේවල් හඳුනාගැනීමට හා කුතුහලය ඇති කිරීමට උනන්දු කරන්න.
- පිංතූර පොත්, කතන්දර පොත් කියවයි.
- Building Blocks වලින් නිර්මාණයන් සඳහා උනන්දු කිරීම.
- දරුවා තුළ වර්ධනය වන සහයෝගීතාවය උත්සාහය පසසන්න.
- දරුවා ප්‍රතික්ෂේප කිරීම් කළ විට අමනාප නොවන්න.
- තම චර්යාවන් නිසා විඳීමට සිදුවන ඵල විපාක දරුවාට තේරුම් ගත හැකිවන සේ විනය පියවර මෘදු ලෙස ක්‍රියාත්මක කරන්න.
- නාන වේලාව පැමිණි විට ඔබ විසින් වතුර ගලා ඒමට සලස්වන ආකාරය දරුවාට දැනීමට ඉඩ හරින්න.
- තමා විසින් තමාද තම සිරුරද ආරක්ෂා කරගත යුතු ආකාරය දරුවාට තේරෙන ආකාරයට කියාදෙන්න.
- එහෙත් දරුවාට කතා කරන ලෙස බල නොකරන්න.
1 Comments