Enter Your Key Word

ගැහැනු දරුවන්ට පිරිමි දරුවන්ට, නැපි නවන ක්‍රම ඉගෙන ගනිමු

How to fold nappies

අලුත උපන් චූටී පැටවුන්ගේ සරලම ඇඳුම ගවුම් පොඩියයි නැපියයිනේ. හා හා පුරා කියලා කුළුදුලේ මව්පදවිය ලබපු අම්මලාට පැටියන්ගේ නැපි අන්දන ක‍්‍රම ටිකක් ගැන කියා දෙන්නයි මේ සූදානම.

චූටි පැටියන්ට නැපි සඳහා වඩාත්ම සුදුසු මල්පීස්, බැන්ඩේජ් ක්ලෝත්, පරණ වොයිල් සාරී, පරණ කපු සරම් හෝ චීත්ත වගේ රෙදි වර්ග තමයි. සාමාන්‍යයෙන් 18 x 18 ප‍්‍රමාණයෙන් ගත්තත් නැපියක් 22 x 22 පමණ ගැනීමෙන් චූටි පැටියා වැඩෙන විටත් එම නැපි ඔබට පාවිච්චියට ගන්නට හැකියි.

මේ පුංචි පුතු පැටියට නැපි නවන ක‍්‍රමය

  1. නැපියේ කොන් දෙක ගෙන මැද ලක්‍ෂයට තබන්න.
  2. ඉන්පසු ඉතිරි වූ ත‍්‍රිකෝණාකාර කොටසේ කොනද මැද ලක්‍ෂයට තබන්න.
  3. ත‍්‍රිකෝණාකාර හැඩයෙන් යුතු මෙම නැපියේ මුදුන කිහිප වරක් නවාගන්න.
  4. නැපියේ පළල් පස ඉනට සිටින සේ තබා තට්ටු කිහිපයක් නැවූ කොටස මුත‍්‍රා මාර්ගය අසලට සිටින සේ දෙපසට ආරක්‍ෂිත නැපි කටු දෙකකින් රඳවාගන්න.

මේ පුංචි දූ පැටියට නැපි නවන ක‍්‍රමය

  • නැපි එක ගෙන එය දෙකට නවාගන්න, නැවත හතරට නවාගන්න.
  • දකුණුපස උඩ කොණ වම්පසට ඇද ත‍්‍රිකෝණයක හැඩය එන ලෙස නැපිය සකස්කරන්න.
  • දැන් එය අනෙක් පසට හරවන්න.
  • දරුවාගේ කකුල් අතර පරතරයට අනුව හතරැස් ආකාරයට ඇති කොටස තට්ටු කිහිපයක් වන සේ නවා ගන්න.
  • පළල පැත්ත දරුවාගේ ඉණ දෙසට සිටින සේ නැපිය මත දරුවා තබන්න.
  • දෙපස කොන් දෙක මුලින් එක් කර මැද කොටස එයට එක් කර ආරක්‍ෂිත නැපි කටුවක් ගසන්න.


ගැහැණු


පිරිමි


 

Your Name

Email

Comment

0 Comments