Enter Your Key Word

දරුවා තුළ පහසුවෙන්ම වගකීම් සහ හොඳ පුරුදු ගොඩ නගන්න පියවර 4ක්

Child Communication Development Stages

ඔබේ දරුවාගේ හැසිරීම මෙහයවීමට හොඳම ක්‍රමය ධනාත්මක වීම සහ සුහදව ඔවුන්ට ළං වීමයි. මෙහිදී දරුවන්ට ඔබ අකමැති දෙයක් කරන විට ප්‍රතිවිපාක දැක්වීමට වඩා ඔහු හොඳින් හැසිරෙන විට අවධානය යොමු කිරීම, හොඳ ප්‍රතිචාර දැක්වීම වඩාත් සුදුසු වේ.

ඔබ නිරන්තරයෙන් ආදර්ශමත් වීමත් දරුවාට මග පෙන්වීම සඳහා ඔබේම හැසිරීම භාවිත කිරීමත් වඩා වැදගත් වේ. දරුවාගේ සැර පරුෂ බව බාල කර ගැනීමට ද මෙය මහත් රුකුලක් වනු ඇත.

ඔබේ දරුවාව නිරන්තරයෙන් අගය කරන්න

ඔබට කැමති ලෙස දරුවා හැසිරෙන විට ඔහුට හැමවිටම ධනාත්මක ප්‍රතිචාරයක් ලබාදීමට කටයුතු කරන්න. එමෙන්ම නිරන්තරයෙන් දරුවාට සමීප වීමට උත්සහ කරන්න. දරුවා ක්‍රියාශීලිව ක්‍රියාකාරකමක නිරත වන විට ඔහුට ආඩම්බර විය හැකි දේ පවසන්න.

දරුවාගේ කඩා වැටීමකදී ඔබද කණගාටු වන බව පෙන්වන්න. ඒ තුළින් දරුවන්ට වඩා සමීප වන්න. මෙය කුඩා දරුවන්ට ආතතිය හා කලකිරීම් වැනි විශාල හැඟීම්බර අවස්ථා සඳහා මුහුණ දීමට පිටිවහලක් වනු ඇත. එය දරා ගැනීම හුරු වීමට ද හේතු වේ.

ඔබේ දරුවාගේ හොඳ හැසිරීම වෙනුවෙන් අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්න

දරුවාගේ හොඳ හැසිරීම වෙනුවෙන් අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම දෙමාපියන් ලෙස එය ඔබේත් මගේත් අප සැමගේත් යුතුකමකි. දරුවාගේ අවට පරිසරය ඔහුගේ හැසිරීමට බලපෑම් කළ හැකි අතර එමගින් ඔබේ දරුවාට හොඳින් හැසිරීමට උපකාර වන වටපිටාවක් හැඩ ගස්වා ගත හැකි ය.

ඔබේ දරුවාට සමාජයට පය තැබීමට හුරු කරන්න

මෙම සමාජ වටපිටාව තුළ දරුවාට ඔහු/ඇය යම් දිනකදී පිය තබන සමාජයට පැකිළීමකින් තොරව පය තැබීමට හැකි පරිදි හැඩ ගැස්වීම මව්පියන් වන ඔබේත් මගේත් යුතුකමකි. නිවසේදී මෙන්ම නිවසින් පිටතදීත් දරුවාගේ සෑම ක්‍රියාකාරකමක්ම දෝෂාරෝපණයට ලක් නොවන පරිද්දෙන් අන්‍යයන්ගේ සිත් ඇද-බැඳ තබාගන්නා පරිද්දෙන් සකස් කිරීම ඉතා වැදගත් ය.

සමාජය තුළ කොන් නොවී අභිමානයෙන් යුතුව නැගී සිටින්නට නම් ඒ සඳහා ඇවැසි පෞරුෂත්වය දරුවෙකු තුළ ගොඩනැගිය යුත්තේ වැඩිහිටියන් විසිනි. ස්තූතිය ප්‍රකාශ කිරීම, වරදක දී සමාව ඉල්ලීම, බෙදාහදා ගැනීම ඇතුළු බොහොමයක් හොඳ පුරුදු දරුවෙකු සතු වීම සමාජයෙන් ගරු බුහුමන් ලැබීමටත් යම් දිනක දිදුලන අනාගතයකට හිමිකම් ලැබීමටත් සහය වේ.

ඔබේ දරුවාගේ වැරදි නිවැරදි කරන්න

දරුවකුගේ වැරදි හැසිරීමක් දුටු විට එය ඔවුන්ට නිවැරදි කර ගැනීමට උගන්වන්න. එහි ප්‍රතිවිපාක ගැන පහදා දෙන්න. හොඳ හැසිරීම් ගැන දරුවන්ට ඉගැන්වීම මුලදී දුෂ්කර විය හැක. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඔවුන් එයට හුරුවනු ඇත. සියල්ල තනිවම කරගැනීමට හුරුවනු ඇත.

යහපත් මාර්ගෝපදේශය දරුවන්ට සුදුසු සහ ධනාත්මක හැසිරීම් රටා සපයන අතර එමගින් ගෞරවය, ස්වයං විනය, ආත්ම විශ්වාසය සහ සංවේදීතාවය වර්ධනය වීම සිදු වේ. ඒ අනුව සුදුසු හැසිරීම් දරුවා කල්යත්ම තේරුම් බේරුම් කරගන්නා අතර දරුවන්ට මග පෙන්වීමට නිරන්තර මාර්ගෝපදේශනය අවශ්‍ය වේ.

Your Name

Email

Comment

0 Comments