Enter Your Key Word

ඔබේ දරුවාත් නින්දේදී ගොරවනවාද?

Snoring in Kids

දරුවන්ගෙන් 10% වඩා අධික ප්‍රමාණයක් නින්දේදී ගෙරවීම සිදු කරයි. මුඛයේ පසුපසට ශ්වසන මාර්ගයෙහි ඇති වන අපහසුතාවයන් මෙයට හේතුවකි. ශ්වසන මාර්ගයෙහි විවෘත වීම හා වැසීම නිසා උරෙහි පටක කම්පනය වේ. එහිදී ඇති වන ශබ්දයට බලපානු ලබන්නේ කොපමණ ප්‍රමාණයක වාතයක් ගමන් කරන්නේද යන්න සහ එවිට උගුරෙහි පටක කොපමණ වේගයකින් කම්පනය වේ ද යන්න මතය. වා මග තුළින් වාතය යන වේගය එහි අවහිරතාවයට බලපානු ලබයි.

නිරෝගී දරුවෙකු සාමාන්‍යයෙන් නින්දේදී අධික ශබ්ද සහිතව ගෙරවීම සිදු නොකරයි. එය බොහෝ විට ශ්වසන රෝගයක ලක්ෂණයක් විය හැක. බොහෝ විට මෙම තත්ත්වය Sleep Apnea වලදී දැකිය හැක. අවුරැදු 5 - 7 දරුවන්ට බොහෝ විට මෙම තත්ත්වය ඇතිවන්නේ විශාල වන ටොන්සිල් ග්‍රන්ථි (සෙම් ගෙඩි) නිසාය. මෙම නිසා ඇමරිකාව වැනි රටවල බොහොමයක් දරුවන්ගේ මෙම ග්‍රන්ථිය ඉවත් කිරීම සිදු කරයි. මීට හේතුව වන්නේ නින්දේදී ශ්වසනය නැවතීමෙන් මිය යාම වුවද ඇතිවිය හැකි නිසාය.

Sleep Apnea වලට හේතු

  • ශ්වසන මාර්ගයේ ඇතිවන රෝග තත්ව
  • ඇදුම
  • තරබාරු බව
  • හිස්කබලේ හා මුහුණේ අසාමාන්‍ය බව.
  • Sickle Cell Disease - මෙහිදී රතු රුධිර සෛල ” C හැඩය” (දෑකැති හැඩයක්) ගනී. රුධිර වාහිනී තුලින් පහසුවෙන් ගමන් කිරීමට නොහැකි වන අතර හැම විටම එකට එකතු වී සිටීමට උත්සාහ දරයි. මේ එකතු වීමෙන් කුඩා ධමනි අවහිර වේ. එවිට හිමොග්ලොබින් හා බැදුනු ඔක්සිජන්, පටක වලට ලැබීමද අඩු වේ.
  • Deviated Septum - නාසය බෙදී ඇති ආකාරය අසාමාන්‍ය ලෙස පිහිටීමෙන් එක කොටසක පටුවීම.
  • Sleep Apnea - නින්දේදී ශ්වසනය නැවතීමය.
  • නොමේරු දරුවෙකුව සිටි බවට ඉතිහාසය.
  • විදලිත තල්ල හා තොල.
  • ජාන ආශ්‍රිත රෝග (ඩවුන්ස් සහ ලක්ෂණය).
  • ස්නායු පේශී ආශ්‍රිත රෝග තත්ව (Neuro Muscular Diseases) Cerebral Palsy (මස්තිෂ්ක ආඝාතය), Muscular Atrophy.
  • ආසාත්මිකතාවයන් ඇති වීම තුල ශ්වසන මාර්ගයේ ඉදිමුමක් ඇති වී අවහිර විය හැක.
  • නින්දේදී නාසය තද වීම නිසා අවහිරවීම.
  • උගුරේ ටොන්සිල් ග්‍රන්ථි විශාල වීම හෝ Adenoids (කුඩා ගෙඩි) ඇතිවීම.

Sleep Apnoea

මෙය බොහෝ විට ගෙරවීම හා සම්බන්ධව කතා කිරීමේදී අවධානය යොමු කරන විශේෂ තත්වයකි. දරුවන්ගේ නින්දේදී සාමාන්‍යයෙන් පේශි ඉහිල් වී පවතී. කොපමණ ඉහිල් වුවද මෙම තත්වයේදී වාමග පටු වීම අවහිර වීම නිසා ප්‍රමාණවත් තරම් වාතය ගමන් කිරීමට නොහැකි වේ. මෙම අවහිරතාවය නිසා ස්වසනය නැවැත්වීම සිදුකරන අතර එය තත්පර කිහිපයක සිට මිනිත්තුවක් දක්වා ද විය හැක. එවිට මොළය මේ ගැන අවධානයෙන් සිට ශ්වසනය නැවත ආරම්භ කිරීමට ශරීරයට පණිවිඩයක් ලබාදේ. එහි ප්‍රතිඵලයක් ලෙස දරුවා අපහසුවෙන් ශ්වසනය කිරීම, ගෙරවීම හෝ නින්දෙන් අවදිවීම සිදු වේ. මේ සදහා බලපාන ලබන හේතු කිහිපයකි.

ලක්ෂණ

  • ගෙරවීම
  • ස්වසනය නැවැත්වීම.
  • නිදා ගැනීමට ඇති බිය, නින්දේදී නොසන්සුන් වීම, අසාමාන්‍ය ස්ථාපිත වල හිස තබාගැනීම.
  • කැස්ස හෝ හුස්ම හිරවීම.
  • හුස්ම ගැනීමේදී නාසයෙන් විශාල හඬක් පිටවීම.
  • මුඛයෙන් හුස්ම ගැනීම.
  • ඇඳ තෙමීම.
  • නින්දේදී අධික ලෙස දහදිය දමයි.

රාත්‍රී කාලයේදී ක්‍රමවත් නින්දක් නොලැබීම නිසා දහවල් කාලයේදී දරුවාට පහත අපහසුතා ඇති විය හැකි අතරම මේ ලක්ෂණ ඔබේ දරුවාත් පෙන්නුම් කරයි නම් වෛද්‍ය උපදෙස් කරා යොමුවන්න.

  • පාසල් යාම දුර්වල වීම හා ඉ‍ගෙනීමේ ගැටලු.
  • අවධානය යොමු කිරීම අපහසුවීම.
  • බර වැඩිවීම අඩුවීම.
  • අධි ක්‍රියාකාරිත්වය
  • උදේට හිසරදය ඇතිවීම‍.
  • නොරිස්සුම්, උද්වේගකාරී වීම, අධික ලෙස තරහා යාම.
  • දහවල් නිදිමත ගතිය සහ අවදි කරවීමේ අපහසුව.

මෙහිදී පිළියම් ලෙස,

  • ටොන්සිල් ග්‍රන්ථිය ඉවත්කිරීම හෝ Adenoids ග්‍රන්ථිය ඉවත්කිරීම.
  • බර අඩුකර ගැනීම.
  • ඖෂධ ප්‍රතිකාර
  • යන්ත්‍රයට සම්බන්ධ කිරීම.
  • අසාත්මිකතාවය ඇතිවන ද්‍රව්‍ය වලින් හැකි තාක් ඉවත්ව සිටීම.

Your Name

Email

Comment

0 Comments