Enter Your Key Word

චූටි පැටියාව නාවන්නේ මෙන්න මෙහෙමයි

Baby Bathing

අලුත උපන් කිරි කැටියෙක් දෝතට ගන්න අම්මා කෙනෙක්ගේ හිතේ පුංචි චකිතයක් නැතුවම නෙවෙයි. ඒත් තමන්ගේම දරු පැටියා තුරුලට අරගෙන සිප වැළඳ ගන්න, උණුසුම් කරන්න, කිරි දෙන්න වගේම පැටියා පිරිසිදු කරන වගකීමත් අම්මා කෙනෙක්ට පැවරෙනවා. ප්‍රසූතියෙන් පස්සේ මුල් දින කීපය පැටියාගේ වැඩ ටික කරන්න ටිකක් අපහසු වුනත් ඔන්න දැන් නම් අම්මට එහෙම අපහසුවක් නැහැ. ඉතින් දැන් අම්මා ලෑස්ති වෙන්නේ චූටි පැටියව නාවන්න.

"අනේ මේ පුංචි පැටියෙක් මොකටද නාවන්නේ, ඇඟේ කුණු දූවිලි තියෙන එකක්යැ"

හිතන්න එපා දරු පැටියෙක් නාවන්නේ පිරිසිදුකම රැකගන්නම විතරක් කියලා. ඒකට තව ගොඩක් හේතු තියෙනවා.

මූලිකවම දරුවෙකු නාවන කොට ඒ දරු පැටියාගේ ශාරීරික සෞඛ්‍ය ආරක්ෂා කරගන්න, සමෙහි පිරිසිදුකම ආරක්‍ෂා කරගන්න වගේම පැටියට නැවුම් බවක් ලබාදීමටත් නෑවීම බොහොම වැදගත් වෙනවා. ඒ වගේම සමෙහි උෂ්ණත්වය නිසි පරිදි පවත්වා ගැනීම, රුධිර චාක‍්‍රණය උත්තේජනය කිරීමත් නෑවීම මගින් ඇති වෙන වාසි විදියට ගන්න පුළුවන්.

එහෙනම් අපේ පුංචි පැටියව නාවන්න මෙන්න මේ බඩු ටික සූදානම් කරගෙන ඉන්නකෝ...

  • ලොකු බේසමක්
  • උණුසුම් සීතල මිශ‍්‍ර වතුර සහිත ජෝගුවක්
  • කුඩා කෝප්පයක්
  • දිය රඳනයක්
  • දරුවා ඔතා ගැනීමට බ්ලැන්කට් එකක්
  • පිස දැමීමට ළදරු තුවා දෙකක්/ළදරුවා ඔතා ගැනීමට කපු රෙද්දක්
  • ළදරු ඇඳුම සහ නැප්කින් එක

අපි මෙන්න මේ විදියට පටන් ගනිමු

මුලින්ම අම්මා හොඳට අත් පිරිසිදු කරගන්න ඕනේ. ඔන්න ඊට පස්සේ අවශ්‍ය වන හැමදේම උස අඩු මේසයක් උඩින් තියාගන්න. ඒප‍්‍රනයක් පළඳිනවා නම් අම්මාගේ ඇඳුම් තෙමෙන්නෙත් නැහැ. පැටියට සීතල දැනෙන නිසා එයා ආවරණය කරලා තියෙන රෙදි අපි ඉවත් කරන්න ඕනේ ටිකෙන් ටික.

මුලින්ම,

පැටියාගේ මුත‍්‍රා සහ මල ඉවත් කරලා පිරිසිදු කරන්න.

ඇස් ජීවානුහරණය කරන ලද පිරිසිදු පුළුන් කැබැල්ලකින් මුල සිට අග දක්වා පිරිසිදු කරන්න. ඒ වගේම නාස් පුඩු, කන් දෙක පිරිසිදු කරන්න. සිනිදු පුංචි මූණ වතුරෙන් පිසදමන්න. ඒ වගේම පුංචි කටත් බලන්න ඕනේ. හැබැයි කොයි විදියකින්වත් නාවපු වතුර පැටියාගේ කටට නම් යන්න දෙන්න එපා.

දැන් අපි පැටියව නාවමු

පැටියාගේ හිස ඔබේ අත්ල මත තබා කන් දෙක මහපට ඇඟිල්ලෙන් සහ මැඳගිල්ලෙන් වසා ගන්න. එහෙම අපහසු නම් පුළුන් කැබලි දෙකක් මගින් වහගන්නත් පුළුවන්.

දැන් කුඩා කෝප්පයකින් හිසට වතුර දමා හිස පිරිසිදු කරගන්න. මෙතැනදී කිරි කැටි හිසකෙස් වලටම ගැලපෙන මුදු ෂැම්පු වර්ගයක් පාවිච්චි කරන්න. අම්මට පුළුවන් ඉන්පසුව හිස හොඳින් පිසදමන්න. ඒත් මතක තියාගන්න බිලිඳු සමට ඕනෙම ෂැම්පු වර්ගයක් ගැලපෙන්නේ නම් නැහැ. පැටියාගේ හිසකේ පිරිසිදු කරන්න අම්මා පාවිච්චි කරන ෂැම්පු වර්ගය පැටියාගේ ඇස්වලටත් බලපෑම් ඇති කරන්න පුළුවන් නිසා උසස් තත්ත්වයේ නිෂ්පාදනයක් වගේම බිලිඳුන්ට කිසිදු හානියක් නොවන බවට සායනිකව සනාත වූ නිෂ්පාදනයක් වීමත් බොහොම වැදගත් වෙනවා.

චූටි පැටියට අම්ම ගන්න ෂැම්පු එක

  • ළදරු සමට සුදුසු බවට සායනිකව සනාත කර තිබිය යුතුයි.
  • ළදරු සමේ PH අගයට සමාන විය යුතුයි.
  • ඒ වගේම පැටියාගේ හිසේ සමටත් ඇස්වලටත් හානිකර නොවිය යුතුයි.
  • පැටියා වෙනුවෙන් තෝරාගන්න ෂැම්පු එක තද පැහැයක් නොවිය යුතුයි.
  • තද සුවඳක් නොතිබිය යුතුයි.

ඔන්න ඔළුව පිරිසිදු කලාට පස්සේ හොඳින් පිස දමා ගන්න. දැන් දරුවා ඔතන ලද රෙදි ඉවත් කර වතුරේ තබාගෙන හෝ මේසය මත තබා අත්ල සහ ඇඟිලි දරුවාගේ කිහිල්ල යටින් තබා ඇඟ පිරිසිදු කරන්න. දැන් පැටියා අනෙක් පසට හරවා පිරිසිදු කරන්න. මේ සියල්ල ඉතා ආරක්‍ෂාකාරීව සිදු කල යුතුය. දැන් පැටියා වතුරෙන් ඉවතට ගෙන හොඳින් පිසදමන්න. නැවුණු රැලි සහිත තැන් දිග හැර පිසදමන්න. එසේම පෙකනිය හොඳින් තෙත මාත්තු කරන්න. ඇඳුම් අන්දවා උණුසුම් කරවීමට හොඳින් ඔතන්න.

Your Name

Email

Comment

0 Comments