Enter Your Key Word

මවගේ පියයුරුවල ඇතිවිය හැකි ගැටලුකාරි තත්ත්ව කිරි දීමට බාධාවක් ලෙස සිතනවා ද?

breastfeeding techniques for mom

ලොව ඇති උතුම්ම වස්තුව මව්කිරි ලෙස හැඳින්වීම යුක්ති සහගත වේ. ක්ෂීරපායී ලෝකයේ පැටවාට දිය යුතු එකම ආහාරය තම ශරීරයෙන් උත්පාදනය වන කිරි වූවත් මනුෂ්‍යා මෙය වෙනස්කර ඇත. මව්වරුන් පියයුරුවල ඉතා කුඩා ගැටලුවක් ඇති වුවහොත් ඒ හේතුව මුල් කරගෙන පවා කෘතිම කිරි දරුවාට ලබා දෙන්නට පෙළඹෙන්නේ ඒ නිසාය.

මව වටහා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ මවගේ පියයුරේ ඇතැම් ගැටලුකාරී තත්ත්ව කිරි උරා නොබීමට හේතු නොවන බවයි. මව වටහා ගත යුතු පළමු කරුණ වන්නේ මව්කිරි සෑදීමට නම් මැනවින් කිරි ඉරීම අවශ්‍ය වන බවයි. එම ඉරීම මගින් මවගේ මොළයට යන පණිවුඩය අනුව පියයුරු තුළ කිරි සෑදීමට අවශ්‍ය හෝමෝන සෑදේ. එසේම ඒ සෑදෙන කිරි ඉතාමත් දැඩි සුහදත්වයකින්, ආදරයකින් ළමැදට තුරුළු කර ගත් ළදරුවාට දීම කිරි නිපදවීමට පමණක් නොව එහි අඩංගු ප්‍රෝලැක්ටින් හා ඔක්සිටොක්සින් හෝමෝනය නිපදවීමට වැදගත් වේ.

කිරි නිපදවීම අඩාල වීමට හේතු කිහිපයකි

  1. මව්කිරි දීමේදී තන පුඩුව පමණක් ඇතුළු කිරීම.

    මෙහිදී තන පුඩුව වටා පවතින කළු පැහැති ඇරියෝලාව කොටස ද ඇතුළු කළ යුතුය. කිරි ගබඩා වී පවතින්නේ එම කොටසෙහි බැවින් දරුවාගේ තොල්වලට එම කොටස තද වූ විට කිරි වැස්සේ.

  2. පැතලි හෝ ඇතුලට ගිලුණු තනපුඩු පිහිටීම.

    දරුවා කිරි ඉරීම මගින් තනපුඩුව පිටතට ගත හැක.

    • එසේම පියයුර පපුව දෙසට තද කිරීමෙන් ද තන පුඩුව ඉවතට ගත හැක.
    • එසේ නොවේ නම් සිරිංජයක් ආධාරයෙන් තන පුඩුව සකසා ගත හැක. සෑම කිරි ඉරීමකට පෙර සිදු කරන්න.
    • දරුවා උරන්නේ පියයුරුව මිස තනපුඩුව නොවන බව මවට වටහා දිය යුතුය.
    • තනපුඩුව ඇඟිලි තුඩු මගින් උත්තේජනය කිරීමෙන් ද පිටතට ගත හැක.
  3. මව්වරුන්ට හැඩහුරුකමින් හා ප්‍රමාණයෙන් වෙනස් වුණු පියයුරු ඇත. ඒ සෑම පියයුරකින්ම දරුවෙකුට කිරි උරාබිම කළ හැක.

    පියයුරෙහි ප්‍රමාණය කිරි ලබාදීමට බල නොපායි.

  4. අවහිර වූ ක්ෂීර නාල හා පියයුරු ආසාධනය.
    • පියරෙන් කිරි සම්පුර්ණයෙන් ගලා නොඒම නිසා කිරි නාල අවහිර වී ඉන් ආසාධන ඇතිවේ.
    • මෙහිදී ද නිතර දරුවාට කිරි දීමට මව උනන්දු කළ යුතුය.
    • වේදනා නාශක, ප්‍රතිජීවක ඖෂධ ලබාදිය හැක.
    • කිරි ලබාදීම අඛණ්ඩව සිදුකළ යුතුය.
  5. තනපුඩුව තුවාල වීම හා සීරීම්.

    නිවැරදි ලෙස දරුවා ස්ථාපිත නොකිරීම නිසා ඇතිවේ. කිරි දීමෙන් පසු මව් කිරි එම පියයුර මත ගල්වන්න.

  6. මවගේ රෝග තත්ත්ව.

    මව රෝගාතුරව සිටිය දී ද දරුවාට නොකඩවා කිරි දිය හැක. එම රෝග තත්ත්ව වලින් දරුවාට කිසිදු බලපෑමක් නොකරනුයේ මවගේ ආසාධන තත්ත්වයට නිපදවෙන ප්‍රතිදේහ කිරි සමග දරුවාට ශරීර ගත වීමය. ඒඩ්ස් වැනි රෝගවලදී එසේ කිරීම පිළිබඳව වෛද්‍ය උපදෙස් ගත යුතුය.

  7. කිරි අධික ලෙස ගලා ඒම.

    බොහෝ මව්වරුන්ට කිරි අඩුවීම විශාල ගැටලුවක් ලෙස පවතින අතර කිරි වැඩි වීම ද දරුවන්ට අහිතකර තත්ත්වයන් ඇති කළ හැක. කිරි වැඩිපුර ගලා එන විට දරුවාට ගිල ගැනීමට අපහසු නම් මුඛයෙන් පියයුර ඉවත් කිරීම කළ හැක.

  8. පියයුරු කුඩාවීම.

    පියයුරෙහි ප්‍රමාණය කිරි දීමට ගැටලූවක් නොවේ. පියයුර කිරෙන් පිරුණු විට උණුසුම්ය. අතට බර දැනේ. දරුවාට කිරි දීමට කිසිදු විටෙක පියයුරේ පුමාණය අදාල නොවේ.

    අනිවාර්යයෙන්ම සිදු විය යුත්තේ දරුවා හොඳින් පියයුරට ස්ථාපිත කර ගැනීම පමණි.

Your Name

Email

Comment

0 Comments