Enter Your Key Word

අවුරුද්දේ පුංචි බබාගේ ශාරීරික හා මානසික සංවර්ධනය

Child development activities 1 year old

නිරෝගී දරුවෙකු යනු කායිකවත් මානසිකවත් නිසි ලෙස පෝෂණය වූ දරුවෙකි. ඒ නිසාම දරුවෙකුගේ කායික වර්ධනය වෙනුවෙන් මව්වරුන් යොමු කරන අවධානයම මානසික වර්ධනය කෙරෙහිත් යොමු කිරීම ඉතාම වැදගත් වේ.

අවුරුද්දක් වන පුංචි දරුවෙකුගේ කායික සංවර්ධනය

  • සෙල්ලම් කිරීමෙන් හා අත්පොළසන් ගැසීමෙන් විනෝද වේ.
  • සියුම් හා දළ චාලක හැකියාවන් වර්ධනය වී ඇත.

    දළ චාලක - ශරීරයේ විශාල පේශී උපයෝගී කරගෙන ශරීරය සම්පූර්ණයෙන් චලනය (ඇවිදීම, බඩගෑම, දණගෑම)

    සියුම් චාලක - මහපටඟිල්ල හා අනෙක් ඇඟිලි භාවිත කරමින් යමක් ඇහිඳියි.

  • හැන්ද කෝප්පය අල්ලාගෙන සිටියි.
  • තනිව ආහාර ගැනීමට උත්සහ කරයි.
  • උපකාරයක් නොමැතිව ඇවිදියි.
  • දබරැගිල්ල දික් කරයි.
  • හුණුකූරුවලින් “බලි” රුව අඳියි.
  • දළ රවුම් ඇදීමට සමත් ය.
  • බොරුවට මවාපාන ආකාරයේ සෙල්ලම් කරයි.
  • බිම යමක් ඇහිඳීමට උක්කුටියෙන් වාඩි වේ.
  • බිම ඇති සෙල්ලම් බඩු ඉඟටියෙන් නැවී ඇහිඳියි.
  • ඇඟිලිවලින් ආහාර ගනී.
  • සරල වාක්‍ය ඛණ්ඩ පවසයි.
  • මල, මුත්‍රා පිට කිරීම පාලනය අරඹයි.

අවුරුද්දක් වන පුංචි දරුවෙකුගේ මානසික සංවර්ධනය

  • යම් යම් මෙවලම් හා සම්බන්ධ ක්‍රියාකාරකම් ඇති බව දැන සිටීම.

    උදා: පනාව - හිස පිරීම

    දුරකථනය - කතා කිරීම

  • Building Blocks අධාරයෙන් කැබලි 2 කින් යුතු කුලුණු සාදයි.
  • තම පිංතූර පොත උඩ යට හරවා ඇති විට එය හඳුනාගනී.
  • අවධානය ලබාගැනීමට ශබ්ද හා හැඟීම් ඇති කරයි.
  • කෙලින් ඉරක්, රවුමක් ඇඳීම අනුකරණය කරයි.

පළමු වසර තුළ ප්‍රතිශක්තීකරණය

මාස 18 දී අවු. (1 ½ ) ත්‍රිත්ව එන්නත හා පෝලියෝ මුඛ එන්නත ලබාදේ. මින් ගලපටලය, කක්කල් කැස්ස, පිටගැස්ම හා පෝලියෝ රෝග තත්ත්ව වළක්වයි.

නින්ද

සාමාන්‍යයෙන් රාත්‍රියට පැය 10 - 12 නින්දක් ලබාගනී. දිවා කාලයේ උදේ හා හවස කෙටි නින්දවල් 2 ක් ලබාගනී.

  • දිනපතා කතන්දර පොත් කියවන්න.
  • දරුවාට යම් ද්‍රව්‍යයක් සෙවීමට හෝ ශරීරයේ කොටස් නම් කිරීමට පවසන්න.
  • විවිධ හැඩ සහිත පිංතූර, සෙල්ලම් බඩු ලබාදීම.
  • අලුත් දෙයක් සෑදීමට හා ගායනයට උනන්දු කරන්න.
  • පොදු දේවල් හඳුනාගැනීමට හා කුතුහලය ඇති කිරීමට උනන්දු කරන්න.
  • පිංතූර පොත්, කතන්දර පොත් කියවයි.
  • Building Blocks වලින් නිර්මාණයන් සඳහා උනන්දු කිරීම.
  • දරුවා තුළ වර්ධනය වන සහයෝගීතාවය උත්සාහය පසසන්න.
  • දරුවා ප්‍රතික්‍ෂේප කිරීම් කළ විට අමනාප නොවන්න.
  • තම චර්යාවන් නිසා විඳීමට සිදුවන ඵල විපාක දරුවාට තේරුම් ගත හැකිවන සේ විනය පියවර මෘදු ලෙස ක්‍රියාත්මක කරන්න.
  • නාන වේලාව පැමිණි විට ඔබ විසින් වතුර ගලා ඒමට සලස්වන ආකාරය දරුවාට දැනීමට ඉඩ හරින්න.
  • තමා විසින් තමාද තම සිරුරද ආරක්ෂා කරගත යුතු ආකාරය දරුවාට තේරෙන ආකාරයට කියාදෙන්න.
  • එහෙත් දරුවාට කතා කරන ලෙස බල නොකරන්න.

Your Name

Email

Comment

1 Comments

Pubudu lasantha
Good