Enter Your Key Word

හොඳ පැටියෙක් ලෝකෙට දෙන්න අම්මා මේ දේවල් දැනගන්න ඕනි

දවසින් දවස අතීතයට එකතු කරමින් අපේ පැටියා හෙමින් සීරුවේ වැඩෙනවා. අම්මා තාත්තා ඒ දිහා බොහොම ආසාවෙන් බලා ගෙන ඉන්නවා. ඉතින් අපේ පුංචි පැටියාගේ මේ වෙනස්කම් අම්මා තාත්තා හොඳින් හඳුනා ගන්න ඕන. මේ වෙනස්කම් මොනවාදැයි අපි දැන් බලමු. අවුරුද්දක් සපුරා ඇති දරුවාගේ ශාරිරික වර්ධනය විවිධ අංශවලින් පැහැදිලි වෙනවා.

  • ඇවිදීම
  • නැගීම හා බැසීම
  • පැනිම
  • සමබරතාව පවත්වා ගැනීම
  • සියුම් චාලක ක්‍රියා හා මාංශපේශී වර්ධනය

දැන් පුංචි පැටියාගේ සිරුරේ අනුපාතය වෙනස් වෙනවා. අතපය දැන් වැඩෙන්න පටන් අරගෙන. පැටියාගේ අස්ථි ශක්තිමත් වීමට පටන් ගන්නවා. අම්මාගේ කුසේ ඉන්න කාලයේදී ගර්භාෂයට ගැලපෙන විදිහට වගේම උපතට ගැලපෙන විදිහට සැකසී තිබුනත් දැන් අස්ථි තද බවකින් යුක්තයි. ඒ නිසා අම්මාගේ අත අල්ලාගෙන ඇවිදින්න පටන් ගන්නවා. යාන්තමින් අවුරුද්දක් වුනාම සමහර දරුවන් හොඳින් ඇවිද ගියත් හැම දරුවෙක්ටම ඒ හා සමාන ක්‍රියාකාරිත්වයක් නොතිබිය හැකියි. ඒ ගැන නම් කලබල වෙන්න එපා. ඒ වගේම ඇවිදමින් සිටිය දරුවා නැවත දණ ගාන්න පටන් ගන්නත් පුළුවනි. සමහර විට පුංචි කකුල්වලට වෙහෙස දැනෙන නිසා විය හැකියි. එහෙම නැත්නම් ශක්තිය මදි නිසා විය හැකියි. ඒ නිසා පැටියා තව ටිකක් දෙපා වලට හයිය ලැබෙන තෙක් දණ ගාන්න තීරණය කළා විය හැකියි.

දැන් පැටියා තමාව හදුනා ගන්නවා

අම්මා, තාත්තා වගේම නිවසේ සිටින අය දැන හඳුනාගත් අපේ පැටියා දැන් තමාවත් හඳුනා ගන්නවා. කණ්නාඩියක් ඉදිරියේදී තමන්ගේ රූපය ගැන අවබෝධයක් ලැබේවි. මේ නිසාම සමහර දරුවන් බබාට...පුතාට...කියමින් තමාට ආමන්ත්‍රණය කර ගන්නවා. ඒ පවුලේ අය පැටියාට කරන ආමන්ත්‍රණයයි. දැන් බබා එහෙම නැත්නම් පුතා හෝ දුව යැයි කියන්නේ තමාට බව පුංචි පැටියා දන්නවා. නිවසේ පිංතුරයක සිටින අම්මා, තාත්තා පවා හඳුනා ගන්න දැන් පොඩි පැටියාට පුලුවනි.

මාංශපේශි ක්‍රියාකාරිත්වය

ඔබේ ළදරුවාගේ කුඩා මාංශපේෂින් සම්බන්ධිකරණ චලන කුසලතා සම්බන්ධයෙන් ගත් කළ, ඔහු ඇගිලිවලින් ග්‍රහණය ප්‍රගුණ කිරීමට පටන් ගන්නවා. මෙය ඔහුට අදහසක් ඇතුව ලිවීම ආරම්භ කිරීමට ඉඩ සලසා දෙනවා. එබැවින් ඔබේ බිත්ති ආරක්ෂා කර ගැනීමට නොහැකි වෙන්නත් බැරි නැහැ.

හොඳින් ඇවිද නොගියත් සමහර දරුවන් මේ කාලයේදී දණ ගාන සහ අත් සහ කකුල් යන අවයව හතරම උපයෝගී කර ගෙන අලියා යනවා වගේ ඇවිදිනවා. ඒ ගමනත් බොහොම වේගවත්. අත දුන්නොත් නැගිටින්නත් පුලුවනි. ඔය විදිහට යන පැටියා හිටි ගමන්ම අත ආධාර කර නොගෙන තමන්ගේ දෙපයින් හිටගන්න දවසක් එනවා. ඉතිං එතෙක් අම්මලා ඉවසා ඉන්නත් වෙනවා. හැබැයි පැටියා ඇවිදින්නේ කකුල් ඈතින් ඈතට තබමින්.

පනින්න පුළුවනි

දැන් පාද වලට ශක්තිය තිබෙන නිසා හිටි ගමන්ම පනින ආකාරය දැක ගන්න පුලුවනි. පඩිපෙල නගින්න පැටියා හරිම කැමැතියි. හැබැයි දැන් කන්න බොන්න එතරම් උනන්දුවක් නැහැ. තැන තැන දුවන පනින හිත මිසක ඉස්සර අම්මා කටට දාන හැම දෙයක්ම උගුරෙන් පහළට යවන්න පැටියා සූදානම් නැහැ. එයාට අවශ්‍ය දේ තෝරා ගන්නවා මිසක අකමැති දෙය වදෙන් පොරෙන් කවන්න බැහැ. කකුල්වල හයිය අරගෙන හැම තැනම දුවනවා. සමහර වේලාවට දොර මුල්ලේ හැංගෙනවා. ඉතින් පැටියාගේ බර වැඩි වෙන්නෙත් බොහොම සුළුවෙන්. අම්මාට හරිම දුකයි. උපත් බර කිලෝ දෙකහමාරක් වුනත් දැන් බලන්න බරත් අඩු වෙලා. අම්මා මැසිවිලි කිව්වත් අපේ පැටියාට ඒවා වගක්වත් නැහැ. හැබැයි දැන් අඟලක් විතර උස ගිහින්.

දැන් වචනත් දන්නවා...

හැබැයි අපේ වචන නොවෙයි. දරුවාටම ගැලපෙන වාක්කෝෂයක් සකස් කර ගන්නවා. අප දරුවාගේ වචන තේරුම් ගන්න සූදානමින් සිටින්න කාලය දැන් ඇවිත්. ඒ වගේම වචන කීපයක් කතා කිරීමට දැන් දරුවාට හැකියි. ඒ වගේම යම් යම් ශබ්ද අනුකරණය කිරීමටත් දරුවාට පුළුවනි. අත වුනත් හොඳින් හසුරුවන්න හරිම හපනෙක්. ටින් අරින්න වහන්න දැන් පැටියාගේ අතට හුරුයි. අතට අහු වෙන කෝටු කෑල්ලෙන් බිම හෝ බිත්තියේ අදින්න පුලුවන් හැකියාවත් තිබෙනවා. වැලි, වතුර අනන්නත් හරිම කැමැතියි. ඒ හින්දා නිතරම දරුවා සෝදන්න අම්මාට සිද්ධ වෙනවා. ඒක ඉතින් පැටියාට ප්‍රශ්නයක් නැහැ. එයාගේ ශාරිරික සංවර්ධනය සමග ඒ වගේ අවශ්‍යතාවයන් ඇති වෙනවා.

Your Name

Email

Comment

0 Comments