Enter Your Key Word

අවුරුදු දෙකේදී දරුවාගේ කායික හා මානසික සංවර්ධනය

Child Development Activities

නිරෝගී දරුවෙකු යනු කායිකවත් මානසිකවත් නිසි ලෙස පෝෂණය වූ දරුවෙකි. ඒ නිසාම දරුවෙකුගේ කායික වර්ධනය වෙනුවෙන් මව්වරුන් යොමු කරන අවධානයම මානසික වර්ධනය කෙරේත් යොමු කිරීම ඉතාම වැදගත් වේ.

අවුරුදු දෙකේදී දරුවාගේ කායික සංවර්ධනය

  • හොඳින් ඇවිදීම කරයි.
  • උඩ පැනීමද කළ හැක.
  • බෝලයක් විසි කිරීම, ඇල්ලීම, පයින් ගැසීම කරයි.
  • මොහොතක් එක් පාදයකින් සිටගෙන සිටී.
  • දොරක හැඬලය කරකවයි.
  • ආහාර රුචිය වේගයෙන් අඩු වේ.
  • මල මුත්‍රා බහිස්‍රාවය පාලනය කරයි.
  • උදවු රහිතව භාජනයක් විවෘත කිරීමට, ඇණ මුරිච්චි/නොබ් තද කිරීමට මැණික් කටුව යොදාගනී.
  • වැටීමෙන් සතුටක් ලබයි.
  • හැන්දෙන් ආහාර ගනී.
  • උස් තැන්වලට නගියි.
  • සෙරෙප්පු දමා ගනී.

අවුරුදු දෙකේදී දරුවාගේ මානසික සංවර්ධනය

  • Building Blocks වලින් කැබලි පහක් යොදාගෙන කුලුනු සාදයි.
  • අන් චර්යා අනුකරණය කරයි.
  • හුරු පුරුදු පුද්ගලයන් හා ද්‍රව්‍ය හඳුනාගනී.
  • ශරීර කොටස් ඇඟිල්ල දිගුකර පෙන්වයි.
  • සරල උපදෙස් පිළිපදී.
  • හඳුනාගත හැකි රූප අඳියි.
  • වාග් මාලාව හා වාක්‍ය තැනීම දියුණු ය.
  • වර්ග කිරීම පිළිබඳ දැනුම ඇති වේ. (මල්/කොළ)
  • උපදෙස් වටහාගෙන ඒවා අනුගමනය හෝ ප්‍රතික්‍ෂේප කරයි.
  • සමානත්වය/විවිධත්වය පිළිබඳ සංකල්පය වටහා ගනී.
  • කතන්දර මතක තබාගෙන කියයි.
  • අංක තුන දක්වා ගණන් කරයි.
  • ඡායාරූපයෙන් තමා හඳුනාගනී.

අවුරුදු දෙකේදී දරුවාගේ මානසික සංවර්ධනය

දිනකට පැය 10 - 12 ක කාලයක් රාත්‍රියට නිදන අතර හවසට කෙටි නින්දක් ගනී.

බර හා උස

සාමාන්‍යයෙන් බර 2.270kg වන අතර උස 10-12cm වේ.

දරුවෙකුගේ දෙවන වසර තුළ දෙමාපිය දායකත්වය ලබාදිය යුත්තේ කෙසේ ද?

  • කුඩා කතන්දර කියා දෙන්න.
  • පොතේ ඇති ද්‍රව්‍ය නම් කරන්න.
  • සතුන්, ඇඳුම්, ආහාර ආදිය වර්ග කර පෙන්වන්න.
  • අත් සෝදන්න.
  • නාන විට සෙල්ලම් බඩු භාවිත කරමින් ඒවාට වතුර වත් කිරී‍මෙන් විනෝද වීමට ඉඩ ලබාදෙන්න.
  • තමා විසින් තමා ද තම සිරුර ද ආරක්ෂා කරගත යුතු ආකාරය දරුවාට තේරෙන ආකාරයට කියාදෙන්න.
  • සබන් පෙණ සමග සෙල්ලම් කිරීමට අවස්ථාව දෙන්න.
  • ඇඳුම් අඳින විට, නාන විට ශරීර කොටස් උගන්වන්න.
  • විවිධ හැඩ ඇති සෙල්ලම් බඩු භාවිත කරන්න.

Your Name

Email

Comment

0 Comments