Enter Your Key Word

පොඩ්ඩන්ගේ ඇඳුම් පිරිසිදු කරන්න අපහසු නිසා දඟ වැඩවලට අවසර නැද්ද?

Toddler’s Outdoor Play

පුංචි පැටව් කියන්නේ දඟයෝ කියලා අපි කවුරුත් දන්නවා. ඒ වගේම වයස අවුරුදු 1 - 3 අතර දරුවෝ කියන්නේ හැමදෙයකින්ම ලුත් විදියේ අත්දැකීම් එක්ක ජීවිතය ඉගෙන ගන්න වයස් සිමාවේ ඉන්න බොහොම ක්‍රියාශීලී පිරිසක්. ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ කුතුහලයත් එක්ක කිව්වොත් වඩාත් නිවැරදියි. මොවුන්ගේ දවසේ මූලික රාජකාරිය සෙල්ලම් කිරීම කිව්වොත් මේ වයසේ දරුවෝ ඉන්න හැම අම්මා කෙනෙක්ම එකඟ වෙනවා. කුණු දූවිලි, වතුර එක්ක හිතේ හැටියට නටන්න මේ දරුවෝ බොහොම දක්ෂයි.

මේ දේවල්වලට උපරිම නිදහස දෙන්න අම්මලා උනන්දු විය යුත්තේ දරුවන්ගේ මේ ක්‍රියාකාරකම් ඔවුන්ගේ ශාරීරික සංවර්ධනයට වගේම මානසික සංවර්ධනයටත් බොහොම වැදගත් වන නිසයි. ඒත් මේ විදියට කුණු දූවිලි එක්ක දවස පුරා නටන දරුවන්ගේ කිලිටි ඇඳුම් දවස අවසානයේ අම්මලට ලොකු ගැටලුවක්. එහෙම නේද? ඉතිං මොකක්ද මේකට තියෙන විසඳුම? දරුවාගේ ක්‍රියාකාරකම් නතර කරන එක ද? නැහැ. අපි බලමු දවස තිස්සේ දඟ කරන මේ දඟ මල්ලෝ කිලිටි කරගන්න ඇඳුම් පහසුවෙන් වගේම හොඳින් පිරිසිදු කරගන්නේ කියලා.

මේ වයසේ දරුවන්ගේ ඇඳුම්, රෙදි සෝදන යන්ත්‍රයට දමා සෝදා ගන්නත් පුළුවන්. ඒත් මේ සේරටම කලින් ඔබ දරුවාගේ ඇඳුම් වෙන් කරගන්නවා නම් වඩාත් සුදුසුයි. මොකද සමහර ඇඳුම් සේදුම් යන්ත්‍රයට නොදමන ලෙස සඳහන් කර තිබෙනවා ඔබ දැක ඇති. ඒ ඇඳුම් ඔබට අතේ සේදීමට සිදු වෙනවා. ඒ වගේම සුදු පැහැයෙන් යුතු ඇඳුම් වගේම වර්ණ සහිත ඇඳුම් වෙන් කිරීමත් වැදගත් වෙනවා.

මේ අතරිනුත් ඇඳුම්වල පැල්ලම් සහිත තැන් මුලින් පිරිසිදු කරගන්න ඔබට පුළුවන්. ඒ වෙනුවෙන් ඔබේ දරුවාගේ රෙදි පෙරෙදි සේදීම වෙනුවෙන් යොදා ගන්නා සේදුම්කාරක ද්‍රාවණය පැල්ලම් සහිත ස්ථානයට යොදා හොඳින් ඇතිල්ලීම කළ හැකියි. ඔබ සේදුම්කාරක ද්‍රාවණය තත්ත්වයෙන් උසස් නිෂ්පාදනයක් නම් මේ කාර්ය ඔබට කිසිදු අපහසුවක් වෙන්නේ නැහැ. මොකද මඩ, කෑම බීමවල පැල්ලම් ඇතුළු ඕනෑම පැල්ලමක් හොඳින් ඉවත් කිරීමේ හැකියාව තත්ත්වයෙන් උසස් සේදුම්කාරක ද්‍රාවණයක් සතුයි.

දඟ පොඩ්ඩෝ ඉන්න අම්මලාට ඇඳුම් පිරිසිදු කරන්නත් දරුවන්ට සුවපහසු මුදු බව ලබා දෙන්නත් තියෙන විසදුම මොකද්ද?

ඔබ තෝරාගත යුත්තේ දරුවන් වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ලද වගකීමක් සහිත වෙළඳ නාමයක් යටතේ වෙළඳ පොලට එන විශ්වසනීය නිෂ්පාදනයක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේද? ඔබේ තේරීම Baby Cheramy සේදුම්කාරක දියරය නම් ඒ සමගින් ඔබේ පැටියාට හිමි වන සුවය වගේම ඔබට හිමිවන පහසුව වඩාත් ඉහළ බව අමතක කරන්න නම් එපා.

Baby Cheramy සේදුම්කාරක දියරය දඟ පොඩ්ඩන් ඉන්න අම්මලාගේ පළමු තේරීම විය යුත්තේ ඔවුන්ගේ කිලිටි ඇඳුම් වගේම තුවා ඇතුළු වෙනත් රෙදි හොඳින් පිරිසිදු කරන්නට එය වඩාත් සුදුසු නිසයි. සම මත නොයෙක් අපහසුතා ඇති කරවිය හැකි බැක්ටීරියා මෙන්ම විෂබීජ නසන සුවිශේෂ ගුණයෙන් යුක්ත වන Baby Cheramy සේදුම්කාරක දියරය දඟ පොඩ්ඩන්ගේ ඇඳුම් තුවා ඇතුළු සියලු දේ දීප්තිමත් බවින් බබළවන්නට විතරක් නොවෙයි තද පැල්ලම් පවා ඉවත් කරන්නටත් සමත්. ඒ වගේම ඇඳුම්වලට නැවුම් සුවඳක් එක්කරන අතරම අවපැහැ වීම වළකයි. පොඩ්ඩන්ගේ ඇඳුම්වලට මුදු බව එක්කරයි. දඟ පොඩ්ඩන්ගේ දඟ වැඩවලට අම්මගෙන් අවසර ලැබෙන්නේ Baby Cheramy සේදුම්කාරක දියරය නිසා කියලා දැන් තේරෙනවා නේද?

Your Name

Email

Comment

0 Comments