Enter Your Key Word

දරුවාට නිසි පෝෂණය නොලැබුනොත් මොකද වෙන්නේ ?

 නිදුක් නිරෝගී දරු උපතක් වෙනුවෙන් දෙමාපියන් සිහින දකින්නේ තම දරු පැටියා කුස තුළ වැඩෙන සමයේ පටන්මයි. එතැන් පටන් මෙලොවට බිහිවූ තම දරු පැටියා මව්කිරෙන් පෝෂණය කරයි. තම දරු පැටියාට උපරිම පෝෂණය ලබා දීම සෑම මවකගේත් පියෙකුගේත් පැතුමයි. නිසි පෝෂණය නොලැබී යාම දරුවෙකුට ඇති කරවන්නේ විශාල බලපෑමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

කුඩා දරුවන් (උපතේ සිට අවුරුදු 8 දක්වා) කෙරෙහි ඌණ පෝෂණය ඇති කරවන බලපෑම් හේතුවෙන් චර්යා හා ප්‍රජනන සංවර්ධනයට, අධ්‍යාපනය ලැබීමට ප්‍රජනන සෞඛ්‍යයට බාධා ඇති කරයි. එමගින් ඔවුන්ගේ අනාගත නිෂ්පාදනය අඩාල වෙයි. වර්ධන බිඳ වැටීම් සම්පූර්ණයෙන් පාහේ සිදු වන්නේ අන්තර් ගර්භාෂයික යුගයේදී සහ ඉපදී ගෙවන මුල් වසර දෙක තුළදී බැවින් මිටි වීම, නීරක්තිය වැනි තත්ත්වයන් වළක්වාලීම සඳහා වන මැදිහත් වීම ඉතා කුඩා දරුවන් කෙරෙහි ඉලක්ක වීම අත්‍යවශ්‍ය වෙයි.

සිය ජීවිතයේ මුල් වසර කිහිපය තුළදී දරුවෙකු හොඳින් පෝෂණය ලැබුවේ ද, නැතිද යන්න ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි දැඩි බලපෑමක් කළ හැක. එමෙන්ම ඔවුන් සතු වන ඉගෙනුම, සන්නිවේදන, විශ්ලේෂණාත්මක, චින්තන සාර්ථකව සමාජගත වීම ආදි හැකියාවන් කෙරෙහිද නව පරිසරයකට සහ මිනිසුන්ට හුරුවීම කෙරෙහිද විශාල ලෙස බලපෑම් ඇති කරයි.

කුඩා දරුවන්ගේ ජීවිතයේ නොමැකෙන සළකුණු තැබිය හැකි බොහෝ ළමා වියේ රෝගවලට එරෙහිව ආරක්‍ෂාව සපයන ප්‍රථම පියවර නිසි පෝෂණය ලබාදීමය. අවශ්‍ය තරම් ආහාර නොලැබෙන විට ලැබෙන සීමිත ආහාර ප්‍රමාණය කෙසේ ආයෝජනය කළ යුතුද යන්න පිළිබඳව තීරණය කිරීමට ශරීරයට සිදු වේ. පළමුව තීරණය වන්නේ ජීවත් වීමයි. වර්ධනයට ලැබෙන්නේ දෙවැනි තැනය. මෙම පෝෂණීය ආපදා හමුවේ ඉගෙනුම සඳහා ලැබෙන්නේ තෙවැනි තැනය. මෝඩයෙකු ලෙස ජීවත් වීම බුද්ධිමතෙකු ලෙස මරණයට පත්වීමට වඩා හොඳ බව ශරීරය තීරණය කරයි.

ඌණ පෝෂණයට ලක්වීම නිසා විවිධ වූ හා අති විශාල බලපෑම් රැසක් ඇති වෙයි. ඒ අතර

  • කායික හා චාලක වර්ධනය පමා වීම
  • ප්‍රජනන සංවර්ධනයට ඇති වන පොදු බලපෑම නිසා බුද්ධි ඵලය පහළ වැටීම (උග්‍ර මන්ද පෝෂණයට ලක් වීම නිසා ඒකක 15 කින් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් හෝ බුද්ධි ඵලය පහත බසී)
  • පාසැල් වයසේදී චර්යාත්මක ගැටලු හා සමාජ කුසලතාවල අඩු ලුහුඬුකම් වැඩියෙන් දක්නට ලැබීම
  • අවධානය අඩුවීම, ඉගෙනීමේ දුබලකම් හා අධ්‍යාපනික දක්‍ෂතා දැක්වීම අඩු වීම

ප්‍රජනන හා චර්යාත්මක බාල වීම් කෙරෙහි වගකිව යුතු පෝෂක

පෝෂක ඌනතාවයන් පුද්ගලයන් තුළ සමූහ ලෙස බලපානු ලබන නිසා මෙන්ම මැදිහත් වීම සහිත අඩපණ නොවන නිසා එක් එක් පෝෂකයක විශේෂ වූ දායකත්වය පැවසීම අසීරුය. නමුත් අයඩීන් හා යකඩ ඌනතාවය නිසා ඉහත සඳහන් බාලවීම් ඇති වීම කෙරෙහි විශේෂ සම්බන්ධයක් ඇති බව අධ්‍යයනවලින් පෙන්වා දී ඇත. යකඩ ඌනතාවය එතරම් උග්‍ර නොවන අවස්ථාවලදී චර්යාවන් කෙරෙහි බලපාන බවක් නොපෙන්වයි. ප්‍රෝටීන ඌනතාවලින් දරුවාගේ ශාරීරික මෙන්ම මානසික වර්ධනයටද බලපෑම් ඇති කරයි.

පෝෂණ මැදිහත් වීම වඩා සාර්ථක බව පෙන්වන්නේ එනම් චර්යාත්මක සංවර්ධනය නංවාලීම උදෙසා වැඩිම දායකත්වයක් ලබාදෙන්නේ ගර්භණි සමයේදී හා මුල් වසර 2-3 දීය.

උග්‍ර මන්ද පෝෂණයට ලක් වූ දරුවන් සම්බන්ධයෙන් වුව ඔවුන්ගේ පෝෂණමය සහ මනෝ සමාජීය අවශ්‍යතා සපුරාලීම සඳහා උචිත පියවර බාල වයස්වල සිට ගත හැකි වුවහොත් සැලකිය යුතු ප්‍රගතියක් ලබාගත හැකි බව පිළිගැනෙන සාක්‍ෂි සමූහයකි. මෙම සංවර්ධනය පමා වීම නිවැරදි කිරීමට කල්ගත වෙත්ම ඒවා ස්ථීර හානි බවට පත්වීමට වැඩි ඉඩ කඩක් පවතී. එවැනි දරුවන්ගේ බුද්ධිමය හැකියාවන් පාසැල් යන අවස්ථා වන විට යළි ප්‍රකෘතිමත් කළ නොහැකි මට්ටමට හානි වී හමාරය. දීර්ඝ කාලීන අධ්‍යාපනයක් මගින් හෙළිඳරව් වී ඇත්තේ පෙර පාසැල් වයස්වල දරුවන්ට ඔවුනගේ ජීවිතයේ මුල් කාලයේදී ලබාදුන් පෝෂණ මැදිහත් වීම්වල වාසි නව යොවුන් හා වැඩිහිටි වයස්වලදීත් මිනිය නොහැකි අන්දමේ දියුණු වීම් දක්වා වර්ධනය වන බවයි.

විටමින් A ඌනතාවය දරුවන්ට ආබාධ ඇති කරවන තවත් ක්‍ෂුද්‍ර පෝෂකයකි. වෛද්‍ය පර්යේෂණවලින් පෙනී ගොස් ඇති කරුණක් වන්නේ පාසැල් වියේ, පෙර පාසැල් දරුවන්ගේ 1/3 විටමින් A ඌනතාවයෙන් පෙලෙන බවයි. විටමින් A හිඟය අන්ධතාවය ඇති කිරීමට හේතූ වන අතර දරුවන් නිතර රෝගී ආසාධනයන්ට ලක්වීම සඳහාද ඉවහල් වේ. ළමා රෝගීන් හා ළමා මරණ අඩු කර ගැනීමට විටමින් A පරිපූරක ලබාදීම මගින් බාල වියේ සංවර්ධන බිඳ වැටීමකින් තොරව රැකබලා ගැනීමට අවස්ථාව ලැබේ.

සමස්තයක් ලෙස ගත් විට පෝෂක ඌනතා මගින්,

  • අධික බර වැඩි වීම / තරබාරු බව
  • දෙවන වර්ගයේ දියවැඩියාව
  • යකඩ ඌනතාවය
  • දත් දිරායාම / දත්වල කුහර ඇති වීම ඇති වේ.

දරුවන්ගේ මෙම අධික බර වැඩි වීමෙන්,

  • පාද/අස්ථි වල වර්ධන ගැටලු
  • ඇදුම වැනි ස්වසන අපහසුතා
  • කුඩා කල වැඩිවියට පත් වීම
  • පිත්තාශයේ ගල්
  • උකුල වර්ධනයේ ගැටලු
  • අක්මාවේ ගැටලු
  • ඩිම්බකෝෂ රෝග
  • දෙවන වර්ගයේ දියවැඩියාව

කැල්සියම් වැනි ඛනිජ ලවණ සම්පූර්ණයෙන් පාහේ මානසික සංවර්ධනය (emotional development) වැදගත් වේ. මේවායේ ඌනතාවය නිසා autism, අධි ක්‍රියාකාරීත්වය, මානසික අවපීඩනය, මානසික රෝග වන bipolar disorder, schizophrenia (හීන්නෝභිමානය) කාංසාව වැනි රෝග වුවද ඇති විය හැකිය. ඒ අනුව මුල සිටම ඔබේ දරුවාගේ පෝෂණය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න.

Your Name

Email

Comment

0 Comments